DONATE NOW

2016 WORLD FOOD DAY

ජීවිතය උදෙසා ආර්ථිකයක් – නව ලිබරල් ආර්ථික සැලසුම් පරාජය කරමු – ආහාර ස්වෛරීභාවය සඳහා පෙළගැසෙමු තේමාව ඔස්සේ ලෝක ආහාර දිනයට සමගාමීව ඔක්තෝ්බර් 18 දින කොළඹ, විහාරමහාදේවී එළිමහන් රංග පීඨයේ පැවැත්වුන වැඩසටහන සහ ලිප්ටන් වටරවුම දක්වා පැවති විරෝධතා පා ගමනින් අනතුරුව ගොවි ජනතාව බත්තරමුල්ල ගොවිජන මන්දිරය වෙත ගොස් විකල්ප කෘෂිකර්ම ප්‍රතිපත්ති යෝජනාවලිය කෘෂිකර්ම ලේකම්වරයාට බාරදීමට උත්සහ කළේ ය. නමුත් ලේකම්වරයා එහි නොසිටිය අතර වෙනත් ලේකම්වරයෙකුට (පාලන) බාරදීමට කටයුතු කළේ ය

December 2021
M T W T F S S
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

Food sovereignty caravan 2016- final day event @ viharamahadevi park, colombo.

ජීවිතය උදෙසා ආර්ථිකයක් – නව ලිබරල් ආර්ථික සැලසුම් පරාජය කරමු – ආහාර ස්වෛරීභාවය සඳහා පෙළගැසෙමු තේමාව ඔස්සේ ලෝක ආහාර දිනයට සමගාමීව දිවයින පුරා ඔක්තෝබර් 08 සිට 17 දක්වා විවිධ ක්‍රියාකාරකම් පැවතිනි. ලංකාවේ පළාත් 9 ම ආවරණය වන පරිදි ක්‍රියාක්මක වු මෙම වැඩසටහන් මාලාවේ අවසන් වැඩසටහන ඔක්තෝ්බර් 18 දින කොළඹ, විහාරමහාදේවී එළිමහන් රංග පීඨයේ පැවැත්වින.
01. තිරසර කෘෂිකාර්මික හා ධීවර ප්‍රතිපත්තියක් ගොඩනැංවීම
02. ගොවි අයිතීන් සුරකින බීජ පනතක් සදහා බලපෑම් කිරීම
03. ග්ලයිපොසේට් තහනම අඛණ්ඩව පවත්වාගෙන යාම
04. ඉඩම් කොල්ලයට එරෙහිව ජනතාවගේ ඉඩම් අයිතිය තහවුරු කිරීම
05. 2017 අයවැය සඳහා ජනතාවගේ යෝජනා ඉදිරිපත් කිරීම
06. නව ලිබරල් ආර්ථික සැලසුම් තුළින් පීඩා‍වට පත් ජනතාවගේ විරෝධය ශක්තිමත් කිරීම
යන ඉහත කරුණු 6 ඔස්සේ ලිප්ටන් වටරවුම දක්වා විරෝධතා පා ගමනක් විය. ඉන් අනතුරුව අගමැති තුමන් වෙත හා කෘෂිකර්ම, ධීවර අමාත්‍යාංශ වෙත සංදේශ භාරදීමට එම ජනතාව කටයුතු කළෝ ය.